මත්පැන් අලෙවිසැල් වසා තබන අවස්ථාවලදී හා නගරයෙන් ඈත තේ වතු ආශ්රිත ජීවත්වන පුද්ගලයන් සඳහා වැඩි මිලට අලෙවි කිරිම සඳහා බලපත්ර රහිතව නිතිවිරෝධීව මත්පැන් තොග රැස්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මස්කෙලිය පොලීසිය පියවර ගෙන තිබේ.
අරක්කු බෝතල් 45 ක් සන්තකයේ තබාගෙන සිටි දී මෙම පුද්ගලයින් දෙදෙනා ඊයේ (13) පස්වරු 06.00 ට පමණ මස්කෙළිය පොලීසිය මඟින්, මස්කෙළිය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙක් අරක්කු බෝතල් 20 ක් සන්තකයේ තබාගන මස්කෙළිය ප්රධාන බස්රථ ගාලේ සිටිය දී අත්අඩංගුවට ගත් බවත්, අනෙක් සැකකරු මස්කෙළිය නගරයේ, සාමිමලේ බස්රථ ගාලේ අරක්කු සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් බවත් මස්කෙළිය පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක යසරත්න බණ්ඩාර මහතා පැවසීය.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමක් අනුව මස්කෙළිය නගරයේ ප්රධාන බස්රථ ගාලේ සිටිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පොලිස් බුද්ධි නිලධාරීන් විසින් ලබාදුන් තෙරෙතුරක් අනුව වැටලීම සිදු කර තිබේ.
මස්කෙළිය පොලිස්ථානාධිපති යසරත්න බණ්ඩාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුභේෂන් මහතාගේ මෙහෙයවීමෙන් පො.කො.තුෂාර (87264) යන නිලධාරින් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ඊයේ මස්කෙළිය නගරයේ තැබෑරුම් විවෘත්ත කිරීමෙන් පසුව මෙම අරක්කු තොගය වතු කම්කරු ප්රජාව ඉලක්ක කර ගනිමින් විකිණීම සඳහා රැගෙන යාමට සූදානම්ව සිටියදී වැටලීම් සිදු කළ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මස්කෙළිය, බ්රන්ස්වික් හා ගාඩ්මෝර් යන තේ වතුවල පදිංචිකරුවන් බවත්, මොවුන් අද (14) හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව පොලීසිය පවසයි.