Saturday, May 2, 2020

Written on

කොරෝනා නිසා ඉදිරි මාසවල අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක්!

COVID-19 වසංගතය තුළ අඛණ්ඩව සිදුවන නගර වසා දැමීම් සහ සෞඛ්‍ය සේවාවලට විශාල බාධා සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් පමණ සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ සහ හවුල්කරුවන්ගේ නව විශ්ලේෂණයක් පෙන්වා දෙනවා.

පවුල් සැළසුම් වලට ප්‍රවේශ වීමට නොහැකි වීම හෝ අනපේක්ෂිත ගැබ් ගැනීම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ වෙනත් හානිකර ක්‍රියාවන්ට මුහුණ දීමට නොහැකි කාන්තාවන්ගේ සංඛ්‍යාව ද ලොවපුරා ඇති කොරෝනා අර්බුදය හේතුවෙන් මිලියන ගණනක් “අහස උසට” යා හැකි බව ඔවුහු තක්සේරු කරති.


COVID-19 වසංගතය කාන්තා ලිංගික විකෘතිතා සහ ළමා විවාහ අවසන් කිරීම සඳහා වැඩසටහන් වල සැලකිය යුතු ප්‍රමාදයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දශකය තුළ ගැහැණු ලිංගික අවයව විකෘති කිරීම් නිසා ඇතිවන රෝගීන් මිලියන 2 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

ගෝලීය වශයෙන් වර්ධනය වන ආර්ථික දුෂ්කරතා මත ප්‍රමාද වූ වැඩසටහන් හේතුවෙන් වසර 10 ක් තුළ තවත් ළමා විවාහ මිලියන 13ක් පමණ සිදුවෙතැයි ගණන් බලා තිබෙනවා.
Avenir Health, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය (ඇමරිකා එක්සත් ජනපදය) සහ වික්ටෝරියා විශ්ව විද්‍යාලය (ඕස්ට්‍රේලියාව) සමඟ එක්ව මෙම සංඛ්‍යා දළ ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා.

More News