එසේම එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්ෂණවලට භාජනය කර ඇති බව ඔප්පු වන බව පෙන්වා දෙන ඔහු අමෙරිකාවේ පරීක්ෂණ වඩා නිවැරදි බව එමගින් තහවුරු වන බවද ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලොරෝක්වීන් ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට ඉකුත්දා පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් භාවිතා කිරිම ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.