Wednesday, May 13, 2020

Written on

🔥 රාජිත 27 දක්වා රිමාන්ඩ් !


Update 11:55pm
ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාව මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැගෙන යනු ලැබුවා.

ඒ, මීගමුව – පල්ලන්සේන – තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙතටයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, මේ කාලය තුල රිමාන්ඩ් භාරයට පත්වන සියලු සැකකරුවන් නිරෝධායන කටයුතු සඳහා පළමුව රැගෙන යනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය වෙත බව බන්ධනාගාර කොමසාරිස් – පාලන බන්දුල ජයසිංහ මහතා සඳහන් කළා.

එහිදී ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ රක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කෙරෙනු ඇති.


Update 7:38pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ටික වේලාවකට පෙර භාර වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය.

More News