Wednesday, May 6, 2020

Written on

නිල නිවාස බාර නොදුන් හිටපු මැතිඇමැති 22කට නඩු!

රජයෙන් ලබාදී තිබූ නිල නිවාස මෙතෙක් බාර නොදුන් හිටපු මැති ඇමැතිවරුන් 22ක් ඉන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීතිමය පියවර ගනිමින් සිටී.

මෙසේ නිල නිවාසවලින් ඉවත් නොවී සිටින්නේ රාවුෆ් හකීම්, රවීන්ද්‍ර සමරවීර, අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනවිරත්න, අමීර් අලී, එඞ්වඞ් ගුණසේකර, නලින් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, අශෝක අබේසිංහ, චම්පික පේ‍්‍රමදාස, වඩිවේල් සුරේෂ්, සෙල්වම් අඩෙයිකලකාදන්, එච්. එම්.එම්.හාරිස්, ෆයිසල් කාසිම්, දුලිප් විජේසේකර, දුනේෂ් ගන්කන්ද, ටී.බී. ඒකනායක, ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, ජගත් පුෂ්පකුමාර යන මැතිඇතිවරුන්ය.

එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ලද අවස්ථාවේ කැප්පෙටිපොළ පාරේ සී 40 නිවස ද,ජගත් පුෂ්පකුමාර මහතා හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරය දරන ලද අවධියේ විජේරාම මාවතේ නිවස ද ලබාදී ඇතැයි අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් දිවයිනට ඊයේ(05දා* පැවසී ය.

පසුගිය රජයේ සිටි මැති ඇමැතිවරුන් 20දෙනා සඳහා බෞද්ධාලෝක මාවත, කැප්පිටිපොල මාවත, හෙක්ටර් කොබ්බෑකඩුව, ස්කෙල්ටන් පාර, ලෝරිස් නිවාස සංකීර්ණය, විජේරාම මාවත යන ප‍්‍රදේශවල නිවාසයන් ලබා දී ඇත. පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් 20දෙනාට ඉවත් වීම සඳහා ලබා දී තිබු සහන කාලය මාර්තු 22 වැනිදා අවසන් වී තිබූ බවද එම නිලධාරියා කීය. කොරෝනා වසංගත තත්ත්වයත් සමග පැනවූ ඇ`දිරි නීතිය අවසන් වූ වහාම ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මැති ඇමැතිවරුන් සඳහා විදුලි බිල, ජල බිල, දුරකථන බිල, නිවාස කුලිය අදාළ අමාත්‍යාංශය විසින් ගෙවීම් කරනු ලබයි.

More News