Sunday, May 24, 2020

Written on

දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

ඊයේ(23) සවස පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක් වු ප්‍රදීප් කුමාර් වලර්සිකන් නමැති තරුණයා මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය මෙම සිසුවා පසුගිය වසරේ පැවැත්වු අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෙවැනි ස්ථානයට පත්වු බවද අනාවරණය වී ඇත.

අදාළ තරුණයා තවත් තරුණයෙකු සමඟ දිය නෑමට වැවට ගිය අවස්ථාවේ දියේ ගිලී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More News