Thursday, May 21, 2020

Written on

🎥 තිදෙනෙකු මරු දුටු මාලිගාවත්ත තෙරපුමේ CCTV


අද (21) මාලිගාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදු කළ පෞද්ගලික ආධාර බෙදීමක් අතරතුරදී තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව
කොළඹ ජාතික රෝහල වාර්තා කරයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ මාලිගාවත්ත ජුම්මා මාවතේ මුස්ලිම් දේවස්ථානයක් ආසන්න නිවසකදීය.

පල්ලිය ගාව නිවස ඉදිරිපිටට පැමිණෙන ව්‍යාපාරික මහතෙකු කොරෝනා සමයේ ආධාර ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් පවත්වන බවට මින් ඉහත ලබාදුන් ප්‍රචාරය නිසා අද උදේ සිට විශාල පිරිසක් එහි රැස්වී සිටි බව කියැවේ.

ව්‍යාපාරිකයා පැමිණි සිටි පිරිස් වෙත ආධාර දෙමින් සිටින විට තෙරපීම උත්සන්නවූ බව කියැවේ.ඉතා සුළු ඉඩක් තුළ අධික තදබදය නිසා ආධාර වැඩසටහන ආරම්භයේ සිටම තෙරපීමේ සිදුවීම් වාර්තාවී ඇති අතර නිවසේ බිත්ති වෙතට තල්ලුවීගිය ඇතැම් පිරිස් එහි ගුලිවී පොඩිවී චප්පාවී අසාධ්‍ය තත්වයට පත්වූ බව ඇසින් දුටුවන් විස්තර කර තිබේ.


සිද්ධිය අවස්ථාවේ ඇතිවූ තෙරපීම් නිසා කාන්තාවන් 10 හා පිරිමි එක් අයෙකු තුවාල ලබා ඇති අතර ඉන් 3 දෙනෙකු මියගිය බව පසුව වාර්තා විය. මියගිය තිදෙනාම කාන්තාවන්ය.




පොලිස් වාර්තාව පහතින්

More News