Tuesday, May 19, 2020

Written on

👀 ICC යටත් හොරෙන් හෝමාගම හදන්න යන බන්දුලගෙ ලොකුම ග්‍රවුන්ඩ් එක!

ඇමරිකානු ඩොලර් මිලියන 40 ක වියදමින් හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිසිදු දැනුවත්භාවයක් නොමැති බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු රාජ්ශේකර් රාඕ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

එසේම මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සැපයීමට අයිසීසීය පොරොන්දු වී නොමැති බව පෙන්වා දෙන රාඕ මහතා පවසා තිබෙන්නේ මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමතියට පත්වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා රජයේ මුදල් කිසිවක් යොදා නොගන්නා බවයි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආයෝජනයක් ලෙස සිදුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.


More News