සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය විසින් රජයේ කැබිනට් මණ්ඩලයට සමගාමීව නව ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
රජයේ එක් එක් අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව තොරතුරු සොයා බැලීම, ඒ පිළිබඳ අදහස් දැක්වීම සහ ගැටළුවලට විසඳුම් සෙවීම ඡායා කැබිනෙට්ටුවක කාර්යය වේ.
විපක්ෂය විසින් ඡායා කැබිනෙට්ටුවක් පවත්වාගෙන යාම රටක දියුණු
ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ඉවහල් වන්නකි.
එසේම ආණ්ඩු
බලය ලබාගත් අවස්ථාවක වඩාත් සැලසුම් සහගත ලෙස ක්‍රියාකාරී වීම සඳහා ද
විපක්ෂයේ සිටියදී ඡායා කැබිනෙට්ටුවක් පවත්වාගෙන යාම මහත් පිටුබලයකි.