Sunday, May 17, 2020

Written on

🎥 අසරණ වු වට්ටක්කා ගොවීන්


සිය අස්වැන්න අළෙවිකර ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින වට්ටක්කා ගොවීන් පිළිබඳව මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ වට්ටක්කා ගොවීන් පිරිසක් සම්බන්දයෙන්ද අපට තොරතුරු අනාවරණය විය.

මොනරාගල දිස්ත්‍රික්කයේ කහම්බාන තෙනගල්ලන්ද වෙහෙරගල සහ ඉත්තෑකටුව වට්ටක්කා ගොවීන් සිය අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියි.

කෙසේවෙතත් මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර අනුරාධපුර නොච්චියාගම කොකුම්නෑව ප්‍රෙද්ශයේ වට්ටක්කා ඇතුළු බෝග වගා කරන ගොවීන්ද සිය අස්වැන්න විකුණාගත නොහැකිවීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

ගොවීන් පවසන්නේ තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවලින්ද සිය අස්වැන්නට කිසිඳු ඉල්ලුමක් නොමැති බවයි.

ගොවීන් ඉල්ලා සිටින්නේ සිය අස්වැන්න අළෙවිකරගැනීමට අවස්ථාවක් සහ ඒ සඳහා සාදාරණ මිලක්.


More News