පවතින තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කළු ගඟ, කැළණි ගඟ, බෙන්තර ගඟ, නිල්වලා, ගිං ගඟ, කිරම ඔය සහ ඌරු බොනු ඔය යන ගංගා ද්‍රෝණිවල පහත්බිම් අවට ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද නාය යෑම් සම්බන්ධ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහායි එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පැවතියහොත් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම, පස් කණ්ඩි කඩා වැටීම සහ පොළව ගිලා බැසීම් පිළිබඳ අවධානය යොමු කරන ලෙස මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට දැනුම් දී තිබෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 36 තුළ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලිමීටර 200 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.