සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැත්තා තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමඟ ඔහුගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.
සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අප මීට පෙර කරුණු අනාවරණය කළ අතර, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාර වෙතද දැනුම් දීමට කටයුතු කළා.
ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණ සිදු කළ අතර ඔවුන් ලබා දුන් තොරතුරු වලට අනුවයි තංගල්ල අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-සබැදි පුවත්-