Saturday, May 2, 2020

Written on

අමෙරිකාවෙනුත් ප්‍රතිවෛරස් ඖෂධයක්!

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට පර්යේෂණාත්මක ප්‍රතිවෛරස් ඖෂධයක් වන රෙමෙඩිසිවර් භාවිත කිරීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අද(02) සිය අනුමැතිය ලබාදුන්නේය.

පර්යේෂකයින් පවසන්නේ, ඉබෝලා වෛරසය සඳහා යොදා ගත් මෙම ඖෂධය මගින් වෛරසයේ රෝග ලක්ෂණ දින 15 සිට 11 දක්වා අඩු කිරීමට හැකිවන බවයි.


පළමු අදියර යටතේ රෙමෙඩිසිවර් ඖෂධ කුප්පි මිලියන 1.5 ක් රෝගින්  සඳහා ලබාදී ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනයි.
මේ අතර,  කොවිඩ් 19 සඳහා, මෙතෙක් සොයා ගන්නා ලද සාර්ථකම ප‍්‍රතිකාරය තමන් සොයාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසන්නේ, මෙම ප්‍රතිකාරය සොයාගත් අබුඩාබියේ ස්ටෙම් සෙල්ස් සෙන්ටර්ස් ආයතනය සිය නිෂ්පාදනය වෙනුවෙන් දැනටමත් පේටන්ට් බලපත‍්‍රයට අයදුම් කර ඇති බවයි.

මේ අතර ප්‍රංශයේ කෝර්සිකා නගරයේ ගිනි නිවන භටයින් ආසාදිතයන් හඳුනාගැනීමට සුනඛයන් පුහුණු කරන බවට පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

දහඩිය ගන්ධයෙන් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙහිදී සුනඛයන් පුහුණු කරන අතර එම සුනඛයන් නිතර මහජනතාව ගැවසෙන පොදු ස්ථාන වලට යෙදවීමට අපේක්ෂිතයි.


More News