Wednesday, May 27, 2020

Written on

🔥 ඊයේ (26) වැඩිම ආසාදිතයින් (137) හමුවු දවස!

ඊයේ (26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පසුගිය 25 දා තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම ඊයේ උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ පමණක් වැඩිම 137 ක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

More News