"කෝවිඩ් -19 වසංගතය අවසානයේදී පසුබසිනු ඇති. නමුත් සුපුරුදු පරිදි ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නොහැකි වනු ඇති. මෙහිදී අප දිගටම භීතියට අරමුදල් සැපයීමට ඉක්මන් නොවී, ඉදිරි සූදානම සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතුයි."
"එනම් වසංගතයට ප්‍රතිචාර දැක්වීමට අප කටයුතු කරන අතරම, ඊළඟට ඒ සඳහා සූදානම් වීමටද අපි වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. දැන් ලොව පුරා සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය පද්ධති සඳහා අඩිතාලම දැමීමට මෙය හොඳ අවස්ථාවක් වී තිබෙනවා" යැයි ටෙඩ්රොස් පැවසීය. "සෞඛ්‍ය පද්ධති වෙනුවෙන් අප දැන් ආයෝජනය කළොත්, පසුව ජීවිත බේරා ගැනීමට හැකි වේවි."
"නැගී එන රෝගකාරකයන් සඳහා සූදානම් වීම, වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම යන දේ පද්ධතීන්ට අතුළත් කරගත යුතුයි" යනුවෙන් ටෙඩ්රොස් පැවසීය.
"මේ වසංගතයෙන් අප පීඩා වින්දා පමණක් නොවෙයි. අප ඉගෙන ගත් පාඩම් සහ එය අවසන් වූ පසු අප ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද ඉතිහාසය අප සියල්ලන්ම විනිශ්චය කරනු ඇති."