කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.
ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් සහ ආශ්‍රිතයන් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.
කොරෝනා පරීක්ෂාකිරීම වැඩි වැඩියෙන් තවදුරටත් සිදු කිරීමත් ඒවා නිවැරදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබුණු බවද එම කාර්යාල කියාසිටී.