Monday, May 4, 2020

Written on

අවසන් වරට වාර්තා වු ආසාදිතයින්ගෙන් 11 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ

ඊයේ(03) දිනය වාර්තා වු ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සමාජිකයින්ගේ සමීපතමයින් බවද ඒ මහතා පැවසීය.


මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 718ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී හදුනාගැනුණු නව ආසාදිතයින් 13 දෙනා ද සමඟයි.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 527 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ආසාදිතයින් 184 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

More News