Sunday, May 3, 2020

Written on

📸 යෝජනා කොච්චරද කියල මටවත් මතක නැහැ - සදනී




සදනී (Sandani Fernando) මොනවද අලුත් විස්තර ?

රටේ තත්වයක් එක්කම තිබ්බ වැඩ සේරම කල් ගියා. දැනට නම් විශේෂයක් නැහැ.

මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් කිහිපයකම ඉන්නවා නේද?

ඔව්. මම ක්ෂේත්‍රයට අවෙත් වෙළෙඳ දැන්වීම් නිසා. දැනට දැන්වීම් කිහිපයකම ඉන්නවා. ලගදි godreg සහ sansilk දැන්වීම් වල පෙනී සිටියා.


රංගනය ගැන මොකද හිතන්නේ ?

අහම්බෙන් හරි රගපෑමට ලැබීම පිළිබද මම සතුටු වෙනවා . හැබැයි මම චරිත තෝරලා තමයි රගපාන්නේ .ඒ හින්ද ගොඩක් චරිත මම බාර ගන්නේ නැහැ .

ඔබ ජනප්‍රියත්වය පසුපස යනවා කියල මම කිව්වොත් ?

නැහැ , මම ජනප්‍රියත්වය පසුපස හබා යන්නේ නැහැ . මට ගැලපෙන, සතුටු හිතෙන දෙයක් කරලා පාඩුවේ ඉන්න කෙනෙක්.

Boyfriend ගැන කිව්වොත් ?

ඔව් , මට boyfriend කෙනෙක් ඉන්නවා.

නම කියන්න පුළුවන්ද?

දැන්ම කියන්න බැහැ . කාලයත් එක්කෙම දැනගන්න ලැබෙයි .

විවාහ යෝජනා එහෙම කීයක් ඇවිල්ල ඇතිද?

හාහ් ..ගොඩක් ඇවිල්ල තියනවා. කොච්චරද කියල මටවත් මතක නැහැ .








More News