දෙදරු මවක වන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලයේ අලුත් ප්‍රවණතාවයක් පැන නැගී තිබේ. ඒ 47 හැවිරිදි ඇය 22 හැවිරිදි තරුණයෙකු සමග නැවත විවාහ වන්නට යන කතාවයි. මෙම කතාවට එකම නිමිත්ත ඇය පසුගිය සතිඅන්තයේ ස්වර්ණවාහිනි නාලිකාවේ වැඩසටහන් ශිල්පී රංගන මුල්වරට ඉදිරිපත් කළ කලා වැඩසටහනේදී පළ කළ ඉඟියකි.
ඇය මේ දිනවල රාත්‍රී කාලයේ කථා කරමින් සිටින අයෙකු ගැන ප්‍රශ්න කළ විට කවුද ඉතින් ඒ පෙම්වතෙකු මිස වෙන කවුරු එක්කදැයි සමිතා විස්තරයක් කළ අතර එම තරුණයා සමග සමිතා නැවත විවාහ වෙනවාදැයි ඇසුවීට 'විවාහ වෙයි' යනුවෙන් ඉඟියක් සැපයුවාය.
දරුවන්ගේ ප්‍රශ්නයක් නැතිදැයි ඇසුවිට එවැන්නක් නැති බවද ඇය කියා සිටියාය. පසුව නලීන් කියූ දෙයකට පිළිතුරු දෙමින් 'එයා සිංදු කියන්න දන්නෑ' යනුවෙන්ද 'ප්‍රසිද්ධ විවාහ උත්සවයක් ගන්නෑ' යනුවෙන්ද සමිතා කියුවාය.
මෙම කාරණාව රංගන විමසීම නිසාම නොව සමිතා උවමනාවෙන්ම කියන්නට ආ දෙයක් බව හැඟී ගියේ එම වැඩසටහනේ ඉතිරි කොටසේදී ඇය තමාගේ දුරකථනයේ වෝල් පේපර් එකට දමාගෙන සිටින එකී තරුණයාගේ ඡායාරූපය බලෙන් කැමරාවට පෙන්නන්ට දැරූ උත්සාහයයි. එය තරමක ජුගුප්සාජනක හැඟීමක් මතු කරන්නේ ඇය විවාහය ගැන මෙතරම් සරලව කතාකරන වයසක නොසිටින බැවිනි.
මෙම ඡායාරූපය ඔස්සේ හඳුනාගන්නට ලැබෙන්නේ මේ දිනවල ටික්ටොක් ඔස්සේ ප්‍රකටවී සිටින තරුණයෙකු ගැනයි. ඔහු චිරන්ත එල් ගුණවර්ධන නමැති ජා ඇල ප්‍රදේශයේ තරුණයෙකි. ඉතා ළාබාල පෙනුමක් ඇති එම තරුණයාට තවම වයස අවුරුදු 22 ක් බවද ඇතැම් ෆේස් බුක් පිටු මගින් හෙළි කර තිබුණි. එසේ බලද්දී සමිතා සිය විවාහය ඉඟි කරන්නේ තමන්ට වඩා වයසින් අවුරුදු 25 ක් ළාබාල තරුණයෙකු ගැනයි.සමිතා අතැර ගිය අතුල විවාහ වූයේ ඔහුට වඩා වයසින් අවුරුදු 22 ක් බාල අමායා සමගිනි.
සමිතා තම විවාහය ගැන සැපයූ ඉඟිය වෙනත් කිසිදු වැඩසටහනකදී හෝ මුද්‍රිත මාධ්‍යයකදී මේ දක්වා ඉදිරිපත් කර නැත. ඇය ගැන කටකතා අසා වැරදියට මිනුම් නොකරන ලෙසත් ඇයගේ තීරණ වලට නිදහස දෙන ලෙසත් ඉල්ලමින් සමිතාගේ දියණිය කවින්ද්‍යා මේ අතරවාරයේ ෆේස් බුක් සටහනක් තබා ඇති අතර එහි පෙම්වතා ගැන තහවුරු කිරීමක් හෝ වෙනයම් කරුණක් දක්වා නැත.
සමිතා විවාහ වනවා යයි කියන චිරන්ත , සමිතාගේ දියණිය කවින්ද්‍යා (24) ට වඩා අවුරුදු දෙකක් බාල වන අතරම සමිතාගේ පුතු ශේනු (20) ට වඩා අවුරුදු දෙකක් වැඩිමහල්ය.
සමිතා හා චිරන්ත එකට සිටින ඡායාරූපයක් හෝ තවම ප්‍රසිද්ධවී නැති අතර ගායනයට මෙන්ම රංගනයට හැකියාවන් දක්වන සමිතාත් කවින්ද්‍යාත් පමණක් ඒ ගැන ඉඟි සපයා තිබේ.
මීට වසර තුනකට පෙර 2017 වසරේ සමිතා මුදුන්කොටුව ලංකාදීප පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නොගැළපීම් නැති වුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ යනුවෙන් අදහස් දක්වා තිබුණි.
එහිදී ඇය දීර්ඝ වශයෙන් තමන්ගේ අනාගත විවාහ අභිලාසය ගැන පැහැදිලි කර තිබුණි. ඒ මෙසේය.
'අතුල මට හම්බවෙන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා අවුරුද්දක් ගියාට පස්සේ. විශේෂත්වය කියන්නේ ඔහු කෙළින්ම මට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදරට ඇවිත් මා ගැන ඇසුවා. ඔහුව කලින් මම දන්නවා. ‘‘සන්ෆ්ලවර්’’ සංගීත කණ්ඩායමේ වාදනය කරන කාලයේ ඉදන්ම. ඉතිං මගෙත් ඔහු ගැන ආදරයක් තිබුණා. ඒ හින්දා තමයි අතුලත් එක්ක ආදරය කතාව පටන් ගත්තේ.
ප්‍රේම සම්බන්ධතාවය මාස 8ක් ගියාට පස්සේ විවාහ වෙන්න තිරණය කළා. එතකොට ගෙවල්වලින් කැමැත්ත ලැබිලයි තිබුණේ.
විවාහ වුණාට පස්සේ මුල් කාලයේදී අපි දිගටම ඉන්න තමයි හිතාගෙන හිටියෙ. ඒත් විවාහය බිඳිලා ගියා.
මම කාටවත් ඒ ගැන විග්රහ කරන්න යන්නේ නෑ. අතුලයි මමයි ඒ දේ දන්නවා මොකක්ද වුණේ කියලා. මම ලෝකයාට ඒ ගැන කියන්න කැමැති නෑ. මොකද ලෝකයා මම ගැන නොදැන ගොඩාක් දේවල් කතා කරනවා. ඉතිං මම ලෝකයාට කතා කරන්න ඉඩදීලා මම මගේ පාඩුවේ ඉන්නවා.
නොගැළපීම් වැඩිනම්, තවදුරටත් ඉදීමෙන් පලක් නැහැ. එතන දී දික්කසාද වීම හොඳයි කියලයි හිතන්නේ. නොගැලපීම් නැතිවුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ. මම ගිය කට්ටිය කොහෙත්ම යළිත් භාරගන්නේ නෑ. ඒක ස්ථිරයි.
මට ගෙදරක් තිබෙනවා. දුව, පුතා ඉන්නවා. අම්මා, තාත්තා ඉන්නවා. ඉතිං මට ඒ ඇති. මට කවුරුහරි හොඳ කෙනෙක් හම්බවුණොත් ඒ ගැන හිතලා සතුටින් ඉන්නවා. විවාහයක් කරගන්නවාද නැද්ද? කියන එක මම දන්නේ නෑ.
රජයේ ඇමැතිවරයකු එක්ක සබඳතාවක් තිබෙනවා කියලා ආරංචි පැතිර ගියා. ඒක ආරංචියක් වෙන්නැති. මාත් දන්නේ නෑ ඒ ගැන. ඔය ප්‍රචාරය මගේ ඇඟේ වදින්නේ නැහැනේ. මට ඇවිත් කවුරුත් කිව්වත්, ආරංචි ආවත් මට වදින්නේ නෑ. මට ඇහෙන්නෙත් නෑ. මට අදාළත් නෑ. මට ඕවා මගේ කන ඇතුළට ගන්නෙත් නෑ.
සාමාන්‍යයෙන් කටකතාවක් හැදෙන්න එක්කෝ අපේ ගෙදර ජීවත් වෙන්න ඔනේ කවුරු හරි.
එක්කෝ මාත් එක්ක උදේ ඉඳන් රෑ වෙනතුරු දුරකතනයෙන් හරි කතා කරලා මා ගැන දැන ගන්න ඕනේ. නැත්නම් උදේ හවස මාව දකින්න ඕනේ.
ඒ ඇය 2017 කියූ දේවල්ය. 2020 ඇය විවාහය ගැන කරන ඉඟියට මෙතරම් ප්‍රචාරයක් ලැබී ඇත්තේද ඒ කියූ දේවල් ඇගේ ස්ථාවරය නොවන නිසා විය යුතුය.
-සබැදි පුවත්-