මෙලෙස මියගියේ ලිඳුල රත්නගිරි ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.
ගම්වාසින්ගේ සෝ සුසුම් මැද බෞද්ධ ආගමික වතාවන්වලට අනුකුලව (23) දින ලිඳුල ෆාමස්ටන් රත්නගිරිය ජනපද පොදු සුසාන භුමියේ දී අවසන් කටයුතු සිදු කර තිබේ.
ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කරගැනීමට තැත් කළ තරුණියක් බේරා ගැනීමට යෑමේ දී මෙම පුද්ගලයා දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.
ලිඳුල ෆාමස්ටන් රත්නගිරිය විහාරස්ථානයේ විහාරාධිපති ගොඩිගමුවේ ධම්මවිමල හිමියන් විසින් හමිඩ් රිස්වාන්ගේ බෞද්ධ ආගමික් වතාවන් සහ පාංශුකූල කටයුතු සිදු කලහ.
රිස්වාන්ගේ මව බෞද්ධ ආගමිකයෙකු වන අතර පියා මුස්ලිම් ජාතිකයෙකු වෙයි.
රිස්වාන්ගේ බිරිඳ කතොලික බවද අද දෙරණට වාර්තා විය.
රිස්වාන්ගේ දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් බෞද්ධ දර්ශනය අදහන අතර රිස්වාන්ගේ වැඩිමහල් දියණිය වන ශානිකා මධුවන්ති 12 හැවිරිදි ලිඳුල සිංහල මහ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.
රිස්වාන්ගේ පුතණුවන් වන ලක්ෂාන් මධුවන්ත (11) ලිඳුල සිංහල මහ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.
තම පියාගේ හදිසි අභාවය තමන්ට දුකක් මෙන්ම තමන්ට විශාල පාඩුවක් බව රිස්වාන්ගේ දරුවන් දෙදෙනා කියා සිටියේය.
රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (22) දින නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කල අතර, එහි දී මෙම මරණය දියේ ගිලිමෙන් හුස්ම සිරවිමෙන් සිදු වු මරණයක් බවට නිගමනය කර තිබුණි.