ඉන්දියාව නව කොරෝනා වෛරසය හේතුවෙන් අගුලු දැමීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙන පසුබිමක ඉන්දීය ක්‍රිකට් ලෝක කුසලානය දිනන්නේ නම් නිරුවත් වන බවට ඔට්ටු ඇල්ලීම නිසා ප්‍රසිද්ධ වූ නිරූපිකාවක වන පූනම් පාණ්ඩේ ගැන අලුතින් කථාබහක් මතුව තිබේ.
කෙසේවුවද ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 269 (ජීවිතයට අනතුරුදායක රෝගයක් ආසාදනය වීමට ඉඩ ඇති, නොසැලකිලිමත් ක්‍රියාව) සහ 188 (රජයේ සේවකයා විසින් නිසි පරිදි ප්‍රකාශයට පත් කරන ලද නියෝගයට අකීකරු වීම) යන වගන්ති යටතේ පාණ්ඩේ සහ සෑම් අහමඩ් බොම්බේට එරෙහිව නඩු පවරා ඇති බව සත්‍යයකි.
ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක හිරෙමත් විසින් පීටීඅයි පුවත් සේවාව වෙත මෙම තොරතුරු පවසා ඇත.