Thursday, May 7, 2020

Written on

🔥 පීබී ‍කොහොමද ජනාධිපති කාර්යාලෙ ලිපි ශීර්ෂයෙන් පෞද්ගලික ලියුම් යවන්නෙ?

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ජනාධිපතිවරයාට හිමි බලතල භාවිතා කරමින් සිටින බවට ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කරනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවකයන්ගෙන් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටීම සදාචාරාත්මක නොවන බව ද ඔහු පවසනවා.

මේ මොහොතේ රාජ්‍ය සේවකයා අඩුපාඩු රැසක් මැද දැඩි කැපකිරීම් සිදු කරමින් සිටින බවත්, රජය මේ සිදු කරන්නේ වක්‍රාකාරයෙන් ඔවුන්‍ගේ මාසික වැටුපට තට්ටු කිරීමට උත්සාහ ගැනීමක් බවත් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යංශය ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යවා ඇති ලිපිය පෞද්ගලික ඉල්ලීමක් යැයි සඳහන් කරන්නේ නම් ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කළේ කෙසේද යන්න පැහැදිලි කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

එසේ පෞද්ගලික ලිපි යැවීම සඳහා එවැනි ලිපි ශීර්ෂ භාවිතා කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

එම යෝජනාව පී.බී. ජයසුන්දර මහතාගේ පෞද්ගලික යෝජනාවක් නම් අදාල ලිපියේ පිටපත් නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වෙත යොමුකර ඇත්තේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලි කළයුතු බව ද හඳන්නෙත්ති මහතා පවසනවා.

More News