Sunday, May 3, 2020

Written on

මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ තිබි තරුණයෙකු මළ සිරුරක් හමුවෙයි


මුලතිව්,මල්ලාවි,කරුම්පුල්ලියාන් ප්‍රදේශයේ ළිඳක තිබි ප්‍රභාකරන් රොෂාන්ත් නමැති 22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් අද (03) උදෑසන සොයාගත් බව මුලතිව්, මල්ලාවි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ අදාළ තරුණයා සිය ඥාතියෙකුගේ නිවසක ජිවත්ව ඇති බවයි.
අදාළ තරුණයා ඊයේ (02) රාත්‍රියේ සිය මිතුරන් සමඟ ගොස් නැවත නිවස වෙත නොපැමිණ ඇති බව වාර්තා වෙයි.


අදාළ තරුණයා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඥාතීන් සොයා බැලීමේදී මළ සිරුරු ගෙවත්තේ ළිඳ තුළ තිබි හමුවි ඇති බවද පොලිසිය පැවසීය.

පොලීසිය පැවසුවේ අදාළ තරුණයාගේ පියා යුද සමයේ ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මව වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවයි.
සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස අදාළ තරුණයා කටයුතු කොට ඇති අතර, මිතුරන් පවසා ඇත්තේ දෙමාපියන් නොමැතිවීම සම්බන්ධයෙන් මියගිය තරුණයා සිත් තැවුලෙන් කාලය ගත කොට ඇති බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමු කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More News