Friday, May 15, 2020

Written on

මංගල පැය 6ක් CIDයට උත්තර බඳියි


පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති දින අවතැන් වූ පිරිසක් ඡන්ද දැමීම සඳහා රැගෙන යෑමට ලංගම බස් රථ යොදා ගැනීමෙන් රුපියල් ලක්ෂ 95ක රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව මංගල සමරවීර මහතා ඊයේ සවස 2.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

මෙම මුදල් අවභාවිතා සිද්ධිය සම්බන්ධයෙන් සවස 6.30 පමණ වන තුරු පැය හතරහමාරකට කාලයක් තිස්සේ මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ ලබාගෙන තිබුණි.

පසුගිය ජනාධිපතිවරණය පැවැති දින පුත්තලම ප‍්‍රදේශයේ අවතැන් වූ මුස්ලිම් ජාතිකයන් පිරිසක් මන්නාරම ප‍්‍රදේශයේ දී ඡුන්දය පාවිච්චි කිරීම සඳහා රැුගෙන යෑමට ලංගම බස්රථ යොදා ගෙන තිබුණි. එම බස් රථ යොදා ගැනීමෙන් රුපියල් ලක්‍ෂ අනූපහක මුදලක් රජයට අහිමි වූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම මුදල් අවභාවිතා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ද මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන තිබුණි.

More News