අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වනදා පැවැත්වීමට
නියමිත පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 225 දෙනාගේ රැස්වීමෙහි වෙනසක්
සිදුකිරීමට ඒ මහතා ක්රියා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය 2015 - 2020 පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් පමණක් නොව ඊට පෙර පැවති පාර්ලිමේන්තුවට මන්ත්රීවරුන් ද මෙම රැස්වීමට කැඳවීමට අග්රාමාත්ය කාර්යාලය කටයුතු කර තිබේ.
ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් මෙන්ම කෙටි පණිවිඩ ද යවා ඇති බවයි වාර්තා වන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජිනදාස කිතුලේගොඩ මහතා ද මේ බව තහවුරු කර තිබිණි.