මගේ අම්මා හොඳින් හිටියත් අහගන්න ඕන හැම කුණු කතාවක්ම අහගත්තා, ඒත් එයා වැටෙන්නේ නැතුව තනි මවක් විදිහට මාවයි මගේ මල්ලිවයි ඇස් දෙක වගේ බලාගත්තා, බලාගන්නවා. ඒක නිසා මගෙ අම්මාගෙ ජීවිතේ ගන්න තීරණ ගැන මටයි මගේ මල්ලිටයි ප්රශ්නයක් නැත්තම් අනිත් අය ප්රශ්නයක් කරගන්න ඕනෙම නෑ. අපේ ප්රශ්න උන්ගේ ප්රශ්න කරගෙන පුදුම නැටිල්ලක් නටන්නේ Comments වල මේ මිනිස්සු 😅 පවු අප්පා...
මගේ අම්ම මේ ලෝකේ ඉන්න දික්කසාද උන පළවෙනි ගැහැණිය නෙමේ.අනික ඇය දික්කසාද වෙලා දැනට අවුරුදු හරියටම 10 වෙනවා. ඇයගේ ජීවිතේ ගන්න කිසිම තීරණයකට ඇත්තටම කිව්වොත් මට වත් ඇඟිලි ගහන්න අයිතියක් නෑ කියන තැන මම ඉන්නේ, මොකද මගේ තාත්තා මාවත් එපා කියලා දාලා ගිහින් මම ඉන්නවාද නැද්ද කියලාවත් බලන්නේ නැති එකේ මගේ අම්මත් මාවා දාලා ගියා නම් මට මෙලහකට මොනා වෙලා අති ද?... මගේ අම්ම ට දහදහස්වාරයක් පිං මාවයි මල්ලිවයි ඒ හැම දුකක්ම උහුලගෙන අපිව ඇස් දෙක වගේ බලාගන්නවට.
බුදුන්ටත් කතන්දර හැදුවානම් මිනිස්සු, අපි කවුද ?
😇
-කවී-
*මේ මාතෘකාව සම්බන්ධව දාන අන්තිම post එක*
-සබැදි පුවත්-