හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන ව්‍යාජ, සකස් කළ අසභ්‍ය වීඩියෝවක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ඉරාජ් වීරරත්න මහතාව ඊයේ (13) කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) කැඳවා තිබේ.
පොලිස් සයිබර් අපරාධ අංශය වෙත කාවින්ද ජයවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙසේ ඉරාජ් වීරරත්න මහතාව කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙම වීඩියෝවෙහි පෙනී සිටින්නේ තමන් නොවන බව ඔප්පු කිරීම සඳහා කාවින්ද ජයවර්ධන මහතා විසින් අධිකරණ වෛද්‍ය සාක්ෂි ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව මෙම ව්‍යාජ වීඩියෝව සකස් කර අන්තර්ජාලයට මුදා හැරියේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සයිබර් අපරාධ අංශය විසින් ලබාදුන් මූලික තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන සිදුකෙරේ.
මේ සම්බන්ධයෙන් මල්ශා කුමාරතුංග මහත්මියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කර තිබුණු බව වාර්තා විය.