මීට දින කිහිපයකට පෙර එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමූ අතර ඒ අනුව එම සමාගම එම පෙට්‍රල් අලෙවි කරන්නේ රුපියල් 142 කටයි. කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව තවමත් 137 කට ඔක්ටේන් 92 අලෙවි කරයි.
IOC සමාගමේ මිල පහළ දැමීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව එම සමාගම නැවතත් පෙර පැවති මිලටම පෙට්‍රල් අලෙවි කිරීමට තීරණය කර තිබේ.