හම්බන්තොට බඳගිරිය ප්රදේශයේ අඹු සැමි යුවළක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඊයේ (03) දහවල් සැමියා විසින් බිරියගේ ගෙළ කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මෙලෙස බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ හම්බන්තොට බඳගිරිය ප්රදේශයේ පදිංචි දෙදරු මවක් වන 37 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි.
ඊයේ (03) දහවල් තුවාල ලබා සිටින කාන්තාවගේ සැමියා අධික ලෙස බීමත්ව නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ගෙදර ඇති අගහිඟකම් පිළිබඳ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී තිබේ. පසුව එය දුරදිග ගොස් බීමතින් සිටි 42 හැවිරිදි සැමියා පිහියකින් බිරිඳගේ ගෙළ ප්රදේශයට පහර දී තිබේ.
තුවාල ලැබූ කාන්තාවගේ විලාප හඬ ඇසී අසල්වැසියන් එහි පැමිණ ඇති අතර ඔවුන් විසින් 1990 ගිලන් රථයක් ගෙන්වා තුවාල ලබා සිටි කාන්තාව ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.