Tuesday, May 5, 2020

Written on

කොළඹ නගරයේ අවදානම තවදුරටත් ඉහළ යයි - මෝදර සහ කොලොන්නාවෙන් ආසාදිතයන් දෙදෙනෙක්

කොළඹ නගරයේ සීමිත ප්‍රදේශ ගණනක් තුළ පමණක් ව්‍යාප්තව තිබූ කොවිඩ් 19 වෛරසය තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්තව තිබෙනවා.

රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හමු වූ අතර ඊට අමතරව මෝදර ප්‍රදේශයෙන් සහ කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන්ද ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෝදර මහල් නිවාස සංකීර්ණයකින් හමු වී ඇති කාන්තාව 62 හැවිරිදි වියේ පසුවෙයි. ඇය සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් 15 දෙනෙකු මේ වනවිටත් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි කොළඹ මහ නගර සභා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් හමු වී ඇති ආසාදිතයා පිරිමි පුද්ගලයෙකි.
ලබන 11 වැනිදා සිට ඇඳිරි නීතිය තිබියදී හෝ ‍කොළඹ නගරයේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කිරීමට රජය දැනට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නවතම තත්වය අනුව එය වෛරසයේ ව්‍යාප්තිය වර්ධනය කිරීම සඳහා හේතු විය හැකිය.

More News