Thursday, May 7, 2020

Written on

සමාජ මාධ්‍ය කැළඹූ බාලවයස්කරුගේ ප්‍රචන්ඩ වීඩියෝව සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බාල  වයස්කරුවෙකු විසින් ප්‍රචන්ඩකාරී ලෙස ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන් බවට සැකපිට 21 හැවිරිදි තරුණයෙකු  අඩංගුවට ගෙන තිබෙනවා. 
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අද (06) රත්නපුර  වේවැල්වත්ත ප්‍රදේශයේ දි එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සමාජ මාධ්‍ය ක්‍රීයාකාරිකයෙකු සහ ජයාරූපශිල්පියෙකු ලෙසද කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම සැකකරු සහ සමාජ මාධ්‍ය වෙත එම  ව්ඩියෝ මුදාහල බව කියන බාල වයස්කරු අතර දැන හැදිනකම් ගොඩනැගි තිබුණේ ද සමාජ මාධ්‍ය හරහා බව  වේවැල්වත්ත පොලිසියේ බුද්ධි තොරතුරු නිලධාරි විසින් සොයාගෙන තිබෙනවා.

තවද එම 21 හැවිරිදි තරුණයා විසින් අදාල බාල වයස්කරුට  වීඩියෝවක් සමාජ ජාලයට මුදා හැරිම සම්බන්ධයෙන් උපදෙස් ලබාදි ඇති බවද පොලිසිය අණාවරණය කරගෙන තිබෙනවා.

More News