අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයෙන් ඩබ්ලිව්. තිලකරත්න මහතාව ඉවත් කර එම තනතුරට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාව පත්කිරීමට සියලු පිඹුරුපත් දැනටමත් සකස් කෙරෙමින් පවතින බව වාර්තා වේ.
ජනාධිපතිවරයා පසුපස හිඳිමින් මේ සියල්ල මෙහෙයවන්නේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. එන්. වාකිෂ්ඨ මහතා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් දැනට එම තනතුර දරන ඩබ්ලිව්. තිලකරත්න මහතා යනු හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂාව භාරව සිටි පොලිස් ප්‍රධානියා වන අතර ඔහු ඉතාමත්ම විශ්වාසවන්ත ලෙස එම රාජකාරිය ඉටු කළ අයෙකි.