Friday, May 1, 2020

Written on

බණ්ඩාරනායකපුර කොරෝනා පොකුර මැඩලීමට කැපවූ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායමට PCR පරීක්ෂණ නොකිරීම හිතුවක්කාර තීන්දුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු ලංකා ලීඩ් අමතා ප්‍රකාශ කරනු ලැබුවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් තම කණ්ඩායම PCR පරීක්ෂණ වලට යටත්කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් ස්වයං නිරෝධායනයට යැවීම බලවත් තාක්ෂණික වරදක් බවයි.

කොළඹ නගර සභාවේ සේවය කරන අන් අයට සවන් නොදෙන සහ වැඩ කිරීමට කම්මැලි ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුගේ අත්තනෝමතික තීන්දුවක් නිසා එවැනි තත්වයක් ඇති වූ බවත් බණ්ඩාරනායකපුර පොකුර මැඩපැවැත්වීමට බලවත් මැදිහත්වීමක් සිදුකළ එම කණ්ඩායමට එසේ සැළකීම ඉතා නරක පූර්වාදර්ශයක් බවත් වෛද්‍යවරු සඳහන් කරති.

නිරෝධායන සහ පරීක්ෂණ කටයුතු සඳහා මහජනයා සමඟ ගැටෙන ආරක්ෂක හමුදා සහ සෞඛ්‍ය සේවකයින්ගේ PCR පරීක්ෂණ සිදු කළ යුතු ආකාරය පිළිබඳව සම්මතය සහිත ” විධික්‍රම ලේඛණයක් ” සෞඛ්‍ය බලධාරීන් විසින් ජාතික මට්ටමින් නිකුත් කෙිරීම නිසා මෙසේ එක් එක් නිලධාරීන් තමන්ට තේරෙන ආකාරයට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කරයි.

More News