
ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 835ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වන විට ආසාදිතයින් 571 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුව වු සංඛ්‍යාව 255ක් වන අතර මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, ඊයේ දිනයේ වාර්තා වු සියලු නාවිකයින් වැලිසර නාවි ක හමුදා කඳවුරේ සාමාජිකයින් බවයි.