Saturday, May 2, 2020

Written on

ඊයේ රෝගීන් 25න් 18ක් නාවික හමුදාවේ, තවත් 5ක් සෙබළුන් ඇසුරු කළ අය

ඊයේ (01) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 25 දෙනා අතරින් 18 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම තවත් පස් දෙනෙකු නාවික හමුදා සෙබළුන් ළඟින්ම ඇසුරු කළ අය බවත් එම පස් දෙනා අතරින් හතර දෙනෙකුම එකම පවුලේ සාමාජිකයින් බවත් ඒ මහතා සඳහන් කළේය.

 
එමෙන්ම නාච්චකුඩා නිරෝධායන මධ්‍යස්ථානයෙහි සිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු ද ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගත් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. 

ඊයේ දිනය අවසන් වනවිට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 296 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදනයට ලක්ව ඇති බවත් හමුදාපතිවරයා පැවසීය.


More News