Saturday, May 16, 2020

Written on

කොරෝනා ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළට


ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ්-19 වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 32 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 477 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 935දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 449 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගෙන් සියයට 50කට අධික පිරිසක් සුවය ලබා තිබේ.

එලෙසම ඊ‍යේ (15) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් දස දෙනාගෙන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

More News