Tuesday, May 12, 2020

Written on

🔥 කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පරීක්ෂණවල දී මෙම නව ආසාදිතයින් 6 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි.

වැලිසර නාවික හමුදා කදවුරේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් වන ඔවුන්ගේ ජෛව සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර තිබූ බව අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මෙම නව ආසාදිතයින් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 869 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 435 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.


More News