ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව විසි හය ලක්ෂය ඉක්මවා තිබේ.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් විසිහය ලක්ෂ 35,131 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 84,041ක් ලෙස දැක්වෙයි.
වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන අමෙරිකාව ගත වු පැය 24 තුළ තවත් මරණ 2341ක් සහ නව ආසාදිතයින් 30,000කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.
ඒ අනුව එරට සිදුවු මරණ සංඛ්‍යාව 47,659ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 48,0717ක් වන බව සඳහන්.
ලොව කොවිඩ් ආසාදිතයින් වැඩිම රටවල් අතර තුන්වන ස්ථානයේ පසු වන ඉතාලියේ ගත වූ පැය 24 තුළ තවත් මරණ 437ක් සිදුවීමත් සමඟ එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවා ගොස් තිබේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.