Sunday, April 26, 2020

Written on

👀 ගොසිප්9 ඇස - ''ඉදිරි මාස 9කට ලංකාවටම කන්න හමුදාවෙන් සහල්'' - බ්‍රිගේඩියර්වරයා කියන ගණන් වැරදියි

'සහල් මාෆියාවට හමුදාවෙන් ප්‍රහාරයක්' කියන මාතෘකාව එක්ක විස්තරයක් 'අරුණ' පුවත්පතේ තිබ්බා.

සෑහෙන්න ලොකුවට පිටුවක් පුරා ලියල තිබ්බා.

'ඉදිරි මාස 9කට ලංකාවටම කන්න හමුදාවෙන් සහල්' කියලත් ලොකුවට තිබ්බා.
මාස 9ටම කන්න තියෙන හාල් ප්‍රමාණය දැක්කම සෑහෙන ප්‍රශ්නයක් ආවා, පත්තර වල ලියන ඒවා ප්‍රශ්නකරන්න කවුරුවත් නැති නිසා ඕන බේගලයක් පත්තර වල ලියනවා.

මේ වී මිළදී ගැනීම් වැඩේ වෙන්නෙ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනාරච්චි යටතේ. ඔහු මේ පත්තරේට කියලා තියෙන එක තමා,

"අපට සහය වුනේ වී අලෙවි මණ්ඩලයයි.මිල දී ගන්නා වී නියමිත ප්‍රමිතියට ගබඩා කළ යුතුව තිබුණා. වී අලෙවි මණ්ඩලයේ ගබඩා 317ක් තිබුණා,එයින් 50ක් පමණ අලුත්වැඩියා කළයුතු තත්වයේ තිබුණා,අපට පැය 48යි තිබුණේ.අපි ඒවා පිළිසකර කරගත්තා.
මේවන විට අපි වී මෙට්‍රික් ටොන් 25,000ක් මිළට අරන් ගබඩා කරල තියෙනවා. ඒ සමගම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ද මෙට්‍රික් ටොන් 25,000ක් මිළට අරන් තියෙනවා. මේක සහල් කර ගත්තාම මුළු රටට ම,ඉදිරි මාස නමයකට ඇති. "
උපුටාගැනීම අවසන්.

වී ටොන් 50,000ක් සහල් කලාම ආසන්නව එන්නෙ සහල් ටොන් 30,000යි.
එතකොට ලංකාවට වාර්ෂික වී ටොන් ලක්ෂ 50ක් ඕන,ඒ කියන්නෙ සහල් ටොන් ලක්ෂ 30ක් විතර.

එතකොට මසකට සාමාන්‍යෙන් ඕන වෙනවා හාල් ටොන් ලක්ෂ 2.5ක්.දිනකට නම් සාමාන්‍යෙන් හාල් ටොන් 8,219ක් විතර.

බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කියන විදියට ඒ තියෙන වී ප්‍රමාණය හාල් කලාම එන්නෙ සහල් ටොන් 30,000යි.

එතකොට ඒ සහල් ටොන් 30,000 ඇත්තටම ප්‍රමාණවත් වෙන්නෙ දවස් 4කට විතරයි.
බ්‍රිගේඩියර් වරයා මීට කලින් ජනාධිපතිතුමා ඉස්සරහා වේගෙන් වේගෙන් කියාගෙන ගණනුත් වැරදි.


More News