Monday, April 27, 2020

Written on

🎥 කඳුකර කොටියෙකුගේ දිවි බේරා ගත් මෙහෙයුම



හැටන් දික්ඔය දරවල තේ වත්තේ ගසක අටවා තිබු මද්දකට හසුවි සිටි කඳුකර කොටියෙකු වනජිවි නිලධාරින් විසින් මුදාගෙන රණ්දෙණිගල මිනිපේ රක්ෂිතයට ඊයේ (25) දින මුදා හැර ඇත.

ඉකුත් 24 දින හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල තේ වත්තේ වල් ඌරන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මද්දකට අවුරුදු 6ක් පමණ වයසැති හොදින් වැඩුණු කඳුකර කොටියෙකු හසු වි තිබුණි.

නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්, හැටන් පොලිසියේ නිලධාරින්, ලක්ෂපාන යුද හමුදා කදවුරේ නිලධාරින් සහ වතු පාලන අධිකාරියේද සහයෝගය ඇතිව රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යය අකලංක පිනිදෙණිය මහතා ඇතුළු වන ජිවි නිලධාරින් විසින් කදුකර කොටියා නිර්වින්දනය කර උදර ප්‍රදේශයේසිර වි තිබු මන්ද ගලවා ඉවත් කර කොටියා මුදා ගැණින.


මන්දට හසු වි තුවාල ලබා සිටි කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දි රණ්දෙණිගල මිනිපේ රක්ෂිතයට මුදා හැර ඇත.
මිට ප්‍රථම මස්කෙලිය පොලිස් වසමට අයත් තේ වත්තක මන්දකට හසු වි මන්ද කඩාගෙන ගොස් ගසක දෙබලක සිර වි සිටි මෙවැනිම කඳුකර කොටියෙකු දැඩි පරිශ්‍රමයක් දරා මුදාගෙන දැඩි ලෙස තුවාල ලබා සිටි කඳුකර කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුරමිය ගොස් ඇත.

More News