Monday, April 27, 2020

Written on

මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමේ අවශ්‍යතාවක් නැහැ

මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය නාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ පවසති.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මහමැතිවරණය කල් දැමීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවත් නාහිමියෝ කීහ.

රංගිරි දඹුළු  විහාරස්ථානයේ දී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග කතාබහ කරමින් සිටියදී පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව රටේ ගොඩනැගී ඇති ජනමතය පිළිබඳව තම අදහස් පළ කරමින්  අද( 27 )  දින පෙරවරුවේ මේ බව  පැවසූහ.

වැඩිදුරටත් කරුණු දක්වමින් සිටී ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝ මෙසේද කීහ.

මැතිවරණයක් පැවැත්වීම යනු ජනතා පරමාධිපත්‍යක්  ජතාවගේ ආරක්ෂාව ජනතාව පාලනය කිරීම ජනතාවගේ මුදල් හදල් වෙන් කිරීම ආදී සියලු කරුණු ජනතාව පරමාධිපත්‍යය තුළින් සිදුවනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මේ අවස්ථාවේ මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙනවා. පසුගිය පාර්ලිමේන්තුව කැඳවීමට උත්සාහ දරන පිරිස් ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා වෙහෙස දරනවා.

කෙසේ හෝ මියගිය පාර්ලිමේන්තුවට නැවත පණදීමට කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ.

රට තුළ පවතින වසංගත තත්වය පාලනය කිරීම සියලුදෙනාගේම වගකීමක්.

දේශපාලන අරමුණු පසෙක දා සියලු දෙනා එක්ව රට ගැන සිතා කොරෝනා වෛරසය පැරදවීම සිදුකළ යුතුයි.

එසේ නොමැතිව වෛරසය ඉදිරියේ තබාගෙන පටු අරමුණු ඉටු කරගැනීම වෙනුවට  ජනතාව ගේ  සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම ජනතාව  ආරක්ෂා කිරීම සියලු  දෙනාගේම වගකීම බව ද උන්වහන්සේ පැවසූහ.

ජනාධිපතිවරයාට බලය ඇත්තේ පරණ පාර්ලිමේන්තු කැදවීමට නොව අලුත් පාර්ලිමේන්තුව කැදවීමට බවත් බොලද නීති පෙන්වා දෙන පිරිස් ආණ්ඩුක්‍රම විවස්තාව නිසි ලෙස කියවා තේරුම් ගතයුතු බව පැවසුහ.

More News