Thursday, April 23, 2020

Written on

කොරියන් චිත්‍රපට කෑලි දමා ඉතාලියේ මරණ යයි පෙන්වලා


මස්ත ලෝකයෙන්ම නව කොරෝනා මරණ සංඛ්‍යාව වැඩියෙන්ම වාර්තා වී තිබෙන්නේ ඉතාලියෙනි. මෙම මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙනවා මිස අඩුවන බවක් තවමත් දකින්නට නොමැත. මේත් සමගම බොහෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතාලියේ අළලා විවිධ අසත්‍ය ප්‍රචාරයන් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමක් ද පෙනෙන්නට තිබේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු වලට සමාන පෙනුමක් සහිත පුද්ගලයන් ක්‍රීඩාංගණයක් මධ්‍යයේ තිබෙන විශාල වලට දමන වීඩියෝ පටයක් මෙසේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවති. නමුත් මෙම වීඩියෝ පටය ඉතාලියේ හා ඉතාලියේ කොරෝනා රෝගීන් සමග කිසිදු සබඳතාවක් නොමැති බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.

ඉතාලියේදී මෙම වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් එසේ වලකට දැමීම සම්බන්ධයෙන් කිසිදු වගකිව යුතු පුවතක් මේ වන තෙක් ඉතාලි මාධ්‍ය හරහා ප්‍රචාරය වී නොමැත. එබැවින් එම වීඩියෝව ඉතාලිය සමඟ සම්බන්ධතාවක් නොපවත්වන බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප අධ්‍යනයක් සිදුකිරීමේ දී පෙනී ගියේ මෙම වීඩියෝ පටය කෙසේවත් ඉතාලියේ කොරෝනා මරණ සමග සම්බන්ධයක් නොපවත්වන බවයි.

මෙම වීඩියෝව පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කිරීමේදී අපට අනාවරණය වුණේ මෙය 2013 වසරේ දී නිකුත් වූ කොරියානු චිත්‍රපටයක කොටසක් බවයි. “The flu” නමින් ප්‍රචාරය වූ මෙම කොරියානු චිත්‍රපටය තුලින් උපුටා ගත් වීඩියෝ පට කොටසක් මෙසේ ඉතාලියේ අළලා අසත්‍ය තොරතුරක් ලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බව අපට දක්නට ලැබුණි.

එබැවින් මෙම කරුණු තුලින් නැවතත් තහවුරු වන්නේ මෙම වීඩියෝ පටය ඉතාලියේ කොරෝනා වෛරසය සමග කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකරන බවයි.

More News