Saturday, April 25, 2020

Written on

👀 ගොසිප්9 ඇස - පාස්කු ප්‍රහාරයේ විමර්ශකයින් හෝටල් කාමරයක බරටම විමර්ශන වැඩ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පොලිස් නිලධාරියෙකු එහිම තවත් කාන්තා පොලිස් නිලධාරිනියක සමඟ රාජකාරි වේලාවේදී හෝටල් කාමරයකට ගොස් සිටියදී CIDයේම තවත් නිලධාරීන් පිරිසකට අතටම හසුවී ඇති බව වාර්තා වේ.

මෙසේ කාන්තා පොලිස් නිලධාරිනියක්ව රාජකාරි වේලාව තුළ හෝටලයකට රැගෙන ගොස් ඇත්තේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සිට මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරුණු සහකාර පොලිස් අධිකාරීවරයෙකි.

කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ නමත් අප දන්නා නමුත් සදාචාරාත්මක හේතූන් මත එය හෙළි නොකරන්නෙමු.

කවුරුන් කා සමඟ ලිංගික සබඳතා පැවැත්වුව ද එයින් අපට ප්‍රශ්නයක් නැත. කොටු පැනීම යනු පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් දෙයකුත් නොවේ. එහි සැලකිය යුතු පිරිසක්ම සිය බලය යොදාගෙන කොටු පැනීමෙන් කප් ගැසූ උදවියය. එහෙත් ප්‍රධානතම විමර්ශනයක ඉහළ නිලධාරින් රාජකාරියට වාර්තා කර, විමර්ශන සඳහා පිටව යන බව සඳහන් කරමින් කොටු පැනීම යනු බරපතළ ප්‍රශ්නයකි.

මන්දයත් ඊළඟට විමර්ශනවල ප්‍රගතිය විමසන අවස්ථාවේදී රජයේ සාක්ෂිකරුවන්ව අත් අඩංගුවට ගැනීමට නිර්දේශ කරන්නේ ද මෙවැනි විමර්ශන නිලධාරීන් නිසාය.  
ප්‍රහාරයට සම්බන්ධයක් නොමැති ජනාධිපති නීතීඥයින් අත් අඩංගුවට පත්වන්නේ මෙවැනි රාජකාරි වේලාවේ අවලමේ යන නිලධාරීන් කඩිමුඩියේ සකස් කර දෙන වාර්තා නිසාය. 
අප වෙත වාර්තා වන අන්දමට මෙකී මේ නිලධාරියා ප්‍රභූ ආරක්ෂක අංශයෙන් CIDයට ගෙන්වාගෙන ඇත්තේම පාස්කු ප්‍රහාරයේ විමර්ශන භාරදෙන්නටය. මේ වනවිට මෙම කොටුපැනීම සියල්ලන්ම දන්නා කරුණක් වී ඇති නිසා අදාළ පොලිස් කොස්තාපල්වරිය තමන්ව ඔහුගේම වාහනයෙන් උදේ හවස කැඳවාගෙන යන එන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයාට පවසා ඇති අතර දැන් ඔහු එයත් ඉටු කරමින් සිටී.

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතේ තිබියදී ඉහළ විනයක් සහිත, කීර්තිමත්ම ආයතනයක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට නාඩගම් මඩුවක් බවට පත්වී තිබේ. මේ එක් සිදුවීමක් පමණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකාරියන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ප්‍රසිද්ධියේම කළ දෑ ද අපි මීට කලින් පුවතකින් පැවසුවෙමු. මේවා රටේ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ ද අවධානයට ලක්විය යුතුය.

ශානි අබේසේකර, එස්. නාගහමුල්ල යන අධ්‍යක්ෂවරුන් විසින් ඉතාම පිළිවෙලට පවත්වාගෙන ආ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රභූ ආරක්ෂක අංශයෙන් පැමිණි ඩබ්ලිව්. තිලකරත්න මහතා යටතේ අත්ව ඇත්තේ මෙවැනි ඉරණමකි.
අනෙක් අතට මේ වැනි ආරක්ෂකයින්ගේ ආරක්ෂාව ලබාගත් ප්‍රභූවරුන් ද තම තමන්ගේ නිවෙස්වල මොනවා සිදුවන්නට ඇත්දැයි සිතාගත යුතුය. 

ප.ලි. -
විවාහක කාන්තාවකගේ නිවසට මහ රෑ හොරෙන් රිංගා ඇගේ සැමියාට අතටම හසුවී ඔළුවේ සිට අශූචි බාල්දියක් හළනු ලැබ පාන්දර ඒ අශූචි පිටින්ම සිය කාර්යාලයට පැමිණ නාගෙන ගෙදර ගිය ඉහළම පොලිස් නිලධාරියෙක් ගැන ද අපි හොඳටම දන්නෙමු. අප ඉල්ලා සිටින්නේ තමන් පෞද්ගලිකව ඔළුවේ හළාගත් අශූචි තවත් අයට පොලිස් දෙපාර්තමේන්තුවේත් ඔළුවේ හැළීමට ඉඩ නොතබන ලෙසය.

 

More News