Wednesday, April 29, 2020

Written on

🔥 පුත්තලමේ සංවිධානයක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු

පාස්කු ප්‍රහාරයේ විමර්ශණ මේ වන විට නව මාවතක් ඔස්සේ සිදු කරගෙන යනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසනවා.

පසුගිය සතියේ සාම්පූර්හීදී සොයාගනු ලැබූ ස්ථානයේ දී ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයින්ට අවි පුහුණුව ලබා දී ඇතැයි අනාවරණ වී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම ප්‍රහාරවලට අදාලව, පුත්තලම ප්‍රදේශයේ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණ වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් නමැත්තාද එම සංවිධානයේ දේශන සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මෙම ප්‍රහාරයට සම්බන්ධව බවට තොරතුරු හෙළිවී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

More News