Friday, April 24, 2020

Written on

👀 ගොසිප්9 ඇස - DAMRO හිමිකරු දමිත් රාමනායක නිසා අගලවත්ත වතුයායට කණ කොකා හඬයි - සේවකයන් පාරට බසින්නට ළඟයි !

ම්රෝ හිමිකරු දමිත් රාමනායක මෙයට තුන් වසරකට පෙර අගලවත්ත වතු සමාගම (Agalawatta Plantations PLC-APL) මිලදී ගත්තේ එහි අනිටු ඵල විපාක ගැන කිසිදු අවබෝධයකින් තොරව  ය. නමුත් අද වන විට එහි විපාක ලැබෙමින් පවතියි.

අපගේ වාර්තාකරු සඳහන් කරන්නේ නිසි උනන්දුව සහ කැපවීම නොමැති කම තුළින් සිදුකළ වැරදි කළමනාකරණය හේතුවෙන් අගලවත්ත ප්ලාන්ටේෂන් සීමාසහිත පොදු සමාගම (APL)ට  අයත් වතු 17 ක් මේ වන විට විනාශ මුඛයේ පසුවන බවයි. 

මේ අනුව මෙම වතු යායන් 17 හි සේවකයන් හට කළමනාකාරිත්වය දැනුම් දී ඇත්තේ අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීමට හැකියාවක් නොමැති බව ය. වතු සේවක වෘත්තීය සමිති මේ තීරණයට දැඩි සේ විරෝධය පළ කරති. පවතින කොරෝනා වසංගත තත්වය මධ්‍යයේ ඉතාම නුදුරේදී මේ වතු සේවකයන්ට සිය වැටුප් ඉල්ලා පාරට බැසීමට සිදුවන තත්වයක් උද්ගත වී ඇතැයි ලංකා නිව්ස් වෙබ් වෙත විශ්වාසනීය මූලාශ්‍රයන්ගෙන් වාර්තා වේ.

නුවරඑළිය, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක 3 හි වතු සේවකයන් මේ අනුව වැටුප් ඉල්ලා වීදි බසිනු ඇත්තේ ආණ්ඩුව ද දැඩි අපහසුතාවයකට පත් කරමිනි. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ අහුරාලීමේ දැඩි පරිශ්‍රමය මධ්‍යයේ මේ අර්බුදය පුපුරා යනු ඇත.

මේ වන විට දම්රෝ හිමිකරු දමිත් රාමනායක කරමින් සිටින්නේ කුමක්ද? ඔහු දැනටමත් අගලවත්ත වතු සමාගම විකුණා දැමීමට ගැනුම්කරුවෙකු සොයමින් සිටියි. ඒ සඳහා හැකියාව සහිත සුදුසු ගැනුම්කරුවන්/ ගැනුම්කාර සමාගම් ගණනාවක් වෙත ඔහු දැනටමත් සමීප වීමට උත්සාහ ගෙන තිබේ. නමුත් ඔහු විසින් මේ වතු සමාගම විනාශ කළ ආකාරය දන්නා හෙයින් කිසිවෙකු මේ සඳහා තවමත් ඉදිරිපත් වී නැත. 


මේ විනාශයට මුල් වී තිබෙන්නේ වතුහිමි දම්රෝ ව්‍යාපාරිකයාගේ අඥාන විශ්වාසයන් ය. උගත් කමක් නැති සුපවයිසර් තත්වයේ නිලධාරීන් ඔහු විසින් සමාගම කළමනාකරණය සඳහා යොදවා තිබෙන්නේ පුහුණු වැවිලිකරුවන් එම වැඩබැලීම්වලින් ඉවත් කරමිනි. මේ සඳහා ඔහුට ඔහුගේම ගණයේ සගයන්ගෙන් ද උපදෙස් ලැබී තිබේ. ඒ අනුව කිසිදු ප්‍රතිරෝපණ සැලසුමකින් තොරව රබර් ගස් උගුල්ලා දැමීම වැනි දේ සිදුකිරීමට ඔවුන් විසින් ඔහුට උපදෙස් ලබා දී තිබිණි. ‘වියදම් කපා හැරීමේ‘ උපායමාර්ගයක් (cost cutting strategy) ලෙස මෙසේ උගුල්ලා දැමෙන රබර් ගස් අවසානයේ නවතින්නේ ඔහුගේ දම්රෝ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවල ලාබ දැව ලෙස ය. 

තවද ක්ෂේත්‍රයේදී වසර 15ක් ස්වභාවිකව අස්වැන්න ලබාදෙන රබර් ගස්වලට  ඉතෙරියල් නම් රසායනිකය යෙදීම ද ඔවුන් විසින් සිදුකර තිබේ. ඒ, රබර් කිරි වෑස්සීම රසායනිකව උත්තේජනය කිරීම මගින් රබර් කිරි පරිමාව වැඩි කර ගැනීම සඳහා ය. මේ අන්දමින් ළඟ පමණක් බලා කටයුතු කිරීම නිසා අවසානයේ යටත්විජිත සමයේදී ලංකාවට දායාද වූ ආර්ථික නිෂ්පාදනයක් සාහසික ලෙස විනාශ වෙමින් තිබේ. 

දම්රෝ සමාගමේ තත්වය දන්නා කිසිදු බැංකුවක් ඔවුන්ට මේ අවස්ථාවේදී උදව් කිරීමට ඉදිරිපත් වී නැති අතර, කොවිඩ් වසංගතය හමුවේ ඔවුන් විසින් මුදල් සොයාගැනීමට ගත් උත්සාහයන් ද ව්‍යාර්ථ වී තිබේ. මේ වන විට අපට දැනගන්නට ලැබී තිබෙන්නේ විනෝදාස්වාද කර්මාන්ත අංශයේ දම්රෝ හි විවිධාංගීකරණ සැලසුම ද සම්පූර්ණ අවුලක් බවට පත්ව ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට වතු සහ රාමනායකට අයත් කොළඹ පිහිටි හෝටල්/සාප්පු සංකීර්ණය සඳහා ද සුදුසු ගැනුම්කරුවෙකු සොයමින් තිබේ. ඔහුගේ නියම ව්‍යාපාරය වන ලාබ ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන දම්රෝ සමාගම රැක ගැනීමට නම් ඔහු මෙසේ කළ යුතුම තත්වයට පත්ව ඇත.

More News