Tuesday, April 21, 2020

Written on

📽️ ඇඳිරිනීතිය නිසා ලස්සන වූ කොළඹ

ඳිරි නීතිය පැනවීමත් සමඟ කොළඹ නගරයේ පරිසරය වඩාත් අලංකාර වී ඇති ආකාරය මේ දිනවල දක්නට ලැබෙයි.

ඇඳිරි නීතිය පැනවීම සමඟ හුදකලා වී ගොස් ඇති කොළඹ නගරය තුළ ඉතා අලංකාරවත් අයුරින් ස්වභාව සෞන්දර්ය නැගී සිට ඇති බවයි.

වෙනදාට දහස් ගණනක් වු ඔලු ගෙඩිවලින් පිරී යන ගාලුමුවදොර අද නිස්කලංකව පවතී.
මිනිසුන්ගේ දෙපාවලට පැගී අමාරුවෙන් ඔලුව ඉස්සීමට වෙර දරන තණකොළ අද වෙනදාට වඩා හොඳින් හිරු එළියේ පහස විඳිමින් සිටියි.

කුණූ කසලවලින් අපවිත්‍රව ගිය මහ පොළොව අද තම ස්වභාව සෞන්දර්යාත්මක අලංකායෙන් වැජඹී ගොස් තිබේ.

More News