Saturday, April 25, 2020

Written on

UPDATE: 👀 ගොසිප්9 ඇස - පාස්කු ප්‍රහාරයේ විමර්ශකයින් ගැන පුවත අසත්‍යයයි - CID ස්ථානාධිපති

"පාස්කු ප්‍රහාරයේ විමර්ශකයින් හෝටල් කාමරයක බරටම විමර්ශන වැඩ" මැයෙන් අප අද (25) උදෑසන පළ කළ පුවත සම්පූර්ණයෙන් අසත්‍යයයක් යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති මිහිඳු අබේසිංහ මහතා පවසයි.

අපගේ පුවත සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ එවන් කිසිදු සිදුවීමක් සිදුව නොමැති බවත් පසුගිය දිනවල පොදු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක නොවීම නිසා එකී සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ පොලිස් කොස්තාපල්වරියව සිය වාහනයෙන් උදේ - සවස කැඳවාගෙන යාම පමණක් කර ඇති බවත්ය.

වෙනත් කිසිවක් එහි සිදුව නොමැති බව පැවසූ ඒ මහතා තමන් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාරගන්නා බවත් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාර දැක්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති මිහිඳු අබේසිංහ මහතාට අප ස්තූතිවන්ත වන අතර පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් එය මෙසේ පළ කළෙමු.

- සබැඳි පුවත් -  
👀 ගොසිප්9 ඇස - පාස්කු ප්‍රහාරයේ විමර්ශකයින් හෝටල් කාමරයක බරටම විමර්ශන වැඩ

More News