Thursday, April 23, 2020

Written on

👀 ගොසිප්9 ඇස - සහරාන්ගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂකට පැමිණිල්ලක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු කාන්තාවන් පිරිස රඳවාගෙන සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පුස්තකාලයෙහි ය. මුස්ලිම් කාන්තාවන් සාමාන්‍යයෙන් සමාජය සමඟ මුහුවීමක් නොමැති නිසා ඔවුන් සිටින්නේ වෙනමය.

පසුගිය වසරක පමණ කාලය තිස්සේම සිදුවන්නේ ඔවුන් දවල් කාලයට පුස්තකාලයේ පුටුවල වාඩිවී රූපවාහිනිය බලමින් සිටීමය. රාත්‍රී කාලයට පුස්තකාලය ඇතුළින් අඟුළු දමාගෙන නින්දට යාම සිදුවේ.

මෙහිදී මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන්ම කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සහ කොස්තාපල්වරයෙක් ද රාත්‍රී කාලයෙහි පුස්තකාලයෙහි වෙනම කොටසක සිටිති.

එක් දිනක් රාත්‍රියේ ඇසුණු ශබ්දයක් නිසා නින්දෙන් අවදි වූ සහරාන්ගේ බිරිඳට අඩ නින්දේම දකින්නට ලැබී ඇත්තේ සහරාන් ස්වර්ගයට ගොස් කන්‍යාවන් 72 දෙනා සමඟ රමණයේ යෙදෙන ආකාරයයි. නින්දෙන් අවදි වී දෑස් පිසදා නැවත බැලූ ඇයට සහරාන් හෝ කන්‍යාවියන් දැක ගැනීමට ලැබී නොමැති අතර රාජකාරි වේලාවේ එළිපිටම රති සුව විඳින කාන්තා පොලිස් කොස්තාපල්වරිය සහ පොලිස් කොස්තාපල්වරයා දැක ගැනීමට ලැබී ඇත.

පළමු වතාවේ මෙය නොදුටුවා මෙන් සිටියත් දිනපතාම දිගින් දිගටම මෙය සිදුවන්නට පටන් ගැනීම නිසා අවසානයේ සහරාන්ගේ බිරිඳ ඇතුළු කාන්තාවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී - පරිපාලන හරහා අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා රාත්‍රී රාජකාරි සඳහා පුස්තකාලය වෙත නොඑවන ලෙසය. ඔහුගෙන් අත් අඩංගුවේ පසුවන කාන්තාවන්ට ප්‍රශ්නයක් සිදුව ඇත්දැයි විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රශ්නය තමන්ට නොව කාන්තා පොලිස් කොස්තාපල්වරියට බවය.


මෙවැනි ක්‍රියාවන් කිසිම ආගමකින් පිළි නොගන්නා බව සඳහන් කර ඇති ඔවුන් එක්කෝ කාන්තා පොලිස් කොස්තාපල්වරිය පමණක් හෝ නොමැති නම් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු හෝ රාත්‍රී ආරක්ෂක රාජකාරි සඳහා එවන ලෙසයි ඉල්ලා ඇත්තේ.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ද දැඩි කෝපයෙන් පසුවන බවත් වාර්තා විය.

More News