Friday, April 24, 2020

Written on

ඔය ලොක්ඩවුන් මඟුල තේරෙන්නෑ. නොදන්න ඒවා කරන්න ගියා නම් කොරෝනා වැඩිවෙනවා - විමල්

ලොක්ඩවුන් කියා මඟුලක් මේ රටේ ජනතාවට නොතේරෙන බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියන පරිදි ලොක්ඩවුන් කරන්නට ගියේ නම් කොරෝනා වෛරස් ව්‍යාප්තිය තවත් වැඩිවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

"හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් කියනවා කොරෝනා ලොක්ඩවුන් ලු කරන්න ඕනෙ, ඇඳිරි නීතිය දාන්න ඕනෙ නෑ ලු. මේ රටේ මිනිස්සුන්ට ලොක්ඩවුන් කියන මඟුලක් තේරෙන්නෙ නෑ.

තේරෙන දේ තමයි ඇඳිරි නීතිය. ඇඳිරි නීතිය දාලාත් 33,000කට වඩා ඒක කඩ කරලා පොලිසිය ඇතුළෙ ඉන්නවා. ඔය ලොක්ඩවුන් කියන නොදන්න දේවල් කළා නම් වසංගතය ව්‍යාප්ත වෙන එක ඇරෙන්න වෙන මොකක්වත් වෙන්නෙ නෑ"  යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


More News