Tuesday, April 28, 2020

Written on

UPDATED: 🔥 සුදේව හා රංගන හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වෙයි

Update 16:16 PM
හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේවහෙට්ටිආරච්චි  EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.
හිරු එෆ් එම් නාලිකාව ආරම්භ කළ කාලයේ සිටම වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ දේශපාලන වැඩසටහන් නිසාය.

මින් ඉහත ටීඑන්එල් නිවේදකයෙකු වූ රංගන දසිල්වා හිරු TV නාලිකාව ආරම්භයේදී එක්වූ සමාජිකයෙකි. කලා ක්ෂෙත්‍රයේ වැඩසටහන් මෙන්ම දේශපාලන වැඩසටහන්ද මෙහෙයවූ අයෙකි.

Update 12:15 PM
හිරු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන ද සිල්වා මහතා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබේ.

ඔවුන් දෙදෙනාම  E.A.P මාධ්‍ය ජාලයේ ස්වර්ණවාහිණිය සමග එක්ව තිබේ.

සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිණියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්ව තිබේ.


More News